Amaran (2024) Sinhala Subtitles | “අමරණීය විරුවා” | සිංහල උපසිරැසි සමඟ



 ඔන්න දීපවාලි උත්සවයට සමගාමීව වසරේ වැඩිම බලාපොරොත්තු තැබූ දෙමළ චිත්‍රපටයක් තිරගත වීම ඔක්තෝබර් 31 ඇරඹුණා.




ඒ තමයි Amaran මේක Biographical Action War Film එකක්.


Shiv Aroor සහ Rahul Singh කියන ලේඛකයින් දෙදෙනා එක්ව රචිත කෘතියක් තියෙනවා, India’s Most Fearless: True Stories of Modern Military Heroes. මෙන්න මේ කෘතියේ එන Major Mukund Varadarajan ගේ කොටස පාදක කරගෙන තමයි Amaran නිර්මාණය වෙන්නේ.


Mukund Varadarajan 1983 වසරේ ද්‍රවිඩ යුවළකට දාව මොලොව එළිය දකිනවා. ඔහුගේ සීයා හා මාමාවරු දෙදෙනෙකු හමුදාවට සම්බන්ධ නිසා ඔහුත් සිහින මවන්නේ හමුදා සෙබළෙකු වීමට. ඔය අතර College එකේදී මුණගැහෙන Indhu Rebecca සමඟ ආදරයෙන් බැදෙනවා. Indhu තම පෙම්වතාගෙ සිහිනයට දිරි දුන්නත් ඇගේ මව්පියන් නම් හමුදා සෙබළෙකු වීමට සිහින මවන්නෙකුට දුව දෙන්නට බියවෙනවා. ඒත් ඉතින් මේ දෙන්නා විවහ වෙනවා.


2006 වසරේ හමුදාවට බැදෙන Mukund එතැන් සිට රට වෙනුවෙන් තම ශක්තිය උපරිමයෙන්ම යොදවනවා.


දහස් සංඛ්‍යාත ඉන්දියානු යුද සෙබළුන් අතරින් චිත්‍රපටයකට නැගෙන්නට තරම් ඔහුගේ විශේෂත්වය කුමක්ද….??


ඔහු යුදබිමේ කළ කී දේ ඒ තරම්ම වැදගත් ද..??


මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් Amaran බලන්නම වෙනවා.


Sivakarthikeyan තමයි Mukund Varadarajan ලෙස චරිත මවන්නේ. මේ 2024 වසරේ ඔහුගේ දෙවන චිත්‍රපටයයි. ජනවාරියේ තිරගත වූ Ayalaan ද සාර්ථක එකක් වුණා.


Sai Pallavi තමයි Rebecca Varghese වෙන්නේ. ඇය මේ වසරේ රඟපාන පළමු චිත්‍රපටය මෙයයි.


Rajkumar Periasamy චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. 2007 වසරේ තිරගත වූ Gautham Karthik රඟපෑ Rangoon ඔහුගේ පළමු චිත්‍රපටය වූ අතර මෙය දෙවැන්න යි.


G. V. Prakash Kumar මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කරනවා. Captain Miller හා Thangalaan ඇතුළු චිත්‍රපට 07 ක ඔහු 2024 වසරේ සංගීත අධ්‍යක්ෂණය කළා. මේ තමයි අටවැන්න.


💢 ඉතින් ඔයත්   ඔයාගෙ නැරඹීමට අපේක්ෂිත චිත්‍රපට list එකට Amaran එකතු කරගන්න.


👉DOWNLOAD  මෙතන ක්ලික් කරන්න 👈

No comments:

Post a Comment

Popular Posts

Nirangal Moondru (2024) Sinhala Subtitles | පටලැවිල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

ෆොටෝ එක ක්ලික් කරන්න