AMFILM TRAILAR
👇
හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වුණ කභි කුෂි කභි ගම් සිනමාපටයට පස්සෙ වසර 9 ක නිහැඬියාවකින් පසු ශාරුක්-කාජල් ආදර අන්දරයක් අපිට ආයෙමත් දැකගන්න ලැබුනේ 2010 වසරේ නිකුත් වෙච්ච මයි නේම් ඉස් ඛාන් සිනමාපටයත් එක්කයි. ඉන් පසු නැවතත් වසර 5 කට පසුව 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ගෝල්මාල්, සිංගම්, බෝල් බච්චන් වැනි සිනමාපට අධ්යක්ෂණය කළ රෝහිත් ශෙට්ටි මේ දෙන්නව රිදී තිරයට ගේනවා. ඒ මේ දිල්වාලේ (ඪිල්වලේ සිනමාපටයෙන්.
2013 වසරේ නිකුත් වෙච්ච චෙන්නයි එක්ස්ප්රස් සිනමාපටයෙන් පසුව රෝහිත් ශෙට්ටි අතින් නැවතත් ශාරුක්ව යොදාගෙන අධ්යක්ෂණය වෙන සිනමාපටය වන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. මොහු අතින් අධ්යක්ෂණය වුන චෙන්නයි එක්ස්ප්රස් සිනමාපටයට ප්රේක්ෂකයින්ගෙන් ඉහළ ප්රතිචාර හම්බුණ නිසා ප්රේක්ෂකයින් බොහොමයක් මේ සිනමාපටය ගැනත් හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා.කොහොම නමුත් හින්දි සිනමාලෝලීන් බොහෝ දෙනෙක් කියන්නෙ මේ කතාව මෙතෙක් නිපදවුණු ශාරුක්-කාජල් ආදර අන්දර වලට වඩා හුඟක් සරලයි කියලා. තවත් කට්ටියක් කියනවා නෑ නෑ ඉස්සර වගේම මේ සිනමාපටයෙත් දෙන්නගෙ ආදරේ හරිම ලස්සනට ගලාගෙන යනවා කියලා. කියන විදිහට සරල නෑ කියල. නමුත් දැන් වයස 50ක් වෙන ශාරුක් සහ 41ක් වෙන කාජල් අතර මේ ආදර අන්දරය මටත් හිතෙන විදිහට ලස්සනට ගලාගෙන යනවා. හැබැයි ඒක මගේ මතය. ඔයාලා මේක ගැන බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා බලන ඔයාලටම ඒක තීරණය කරන්න කියලා මම කියනවා.
Sටුඩෙන්ට් ඔෆ් තෙ යේර්, Mඅඉන් ඨෙර Hඑරො, ඇඹ්Cඪ් 2 වගේ සිනමාපටවලින් අපි හඳුනගත්ත වරුන් ධවාන් ශාරුක් සමග ප්රථම වරට සිනමාපටයකට සම්බන්ධ වෙන අවස්තාව මේකයි. ඒ වගේම හීරෝපාන්ති සිනමාපටය හරහා හින්දි සිනමාවට ප්රවේශ වෙච්ච ක්රිටි සැනොන්ගෙ දෙවන හින්දි සිනමාපටය වෙන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. ඓMඪ්බ් අගය 5.7. එහෙනම් අද කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.
බල්ගේරියාවේ සිටින සතුරු මැර කල්ලි දෙකක් මත තමයි මේ කතාව පදනම් වෙන්නේ. මලික් සහ රන්ධීර් තමයි කල්ලි නායකයන්. රන්ධීර් විසින් හදා ගත්තු පුත්රයා තමයි රාජ්, නැත්නම් කාලි කියන්නේ. රාජ්ගේ මතුපිට පෙනුම හරිම සන්සුන් උනාට දරුණු චරිතයක්. රාජ් ට මීරා ව මුණගැසෙන සිදුවීම අහම්බයක් උණාට ඔවුන් දෙදෙනා ඉතා ඉක්මණින් සමීප වෙනවා, ආදරය කරනවා. නමුත් මීරා කියන්නේ ඇත්තටම කවුද කියලා රාජ් දැනගන්නේ ටිකක් පරක්කු වෙලා. දෙදෙනා අතර ජවනිකා ගණනාවක් සිදු වෙලා ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවෙන නිසා ඔවුන් දුරස් වෙනවා, වසර 15 ක් ගතවන තුරුත් රාජ් ගේ මල්ලි වීර්ට මේ කිසිම දෙයක් දැනගන්න රාජ් ඉඩ තියන්නේ නැහැ, වීර් කියන්නේ හරිම දගකාර චරිතයක්, ඇහැට කනට පේන ගැටිස්සියක් පෙන්නම බැහැ, මොන දේ කලත් අයියට නම් පට්ට බයයි. මේ දෙන්නා එකතු වෙලා වාහන හදන ගරාජ් එකක් කරගෙන යනවා.
මේ අතරේ තමයි වීර්ට ඉෂිතා මුණගැහෙන්නේ. ලස්සන සුන්දර තරුණියක්. පස්සේ තමයි දැනගන්නේ ඉෂිතා කියන්නේ මීරාගේ නැගෙණිය බව. දැන් මොකෝ වෙන්නේ? වසර 15 ක් පැරණි පිවිතුරු ආදරය නැවත පන ලබාවිද? ඉෂිතා ගේ සහ වීර් ගේ ආදරය කෙසේ ඉදිරියට ගලා යාවිද? මීරා සහ රාජ් ඔවුන්ගේ අතීත මතකය වළලාවිද? මීරා සහ රාජ් මේ තරම් කාලයක් දුරස් වෙන්න ඇත්තටම මොකද උනේ? උත්තර හොයා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

No comments:
Post a Comment